Home Local මූලික වැටුප ඉල්ලා වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂණයේ – ගමනාගමනයට බාධා PHOTOS

මූලික වැටුප ඉල්ලා වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂණයේ – ගමනාගමනයට බාධා PHOTOS

341
0

තම මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස හෝ වැටුප් වැඩි කිරිමේදි අහිමි කල රු.140 ක ප්‍රසාද දිමනාව ලබාදෙන ලෙස ඉල්ලා වතු කම්කරුවන් අදත් (05) ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ වල නිරත වුණා.

බගවන්තතලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව වත්ත ප්‍රදේශයෙන් අද උදැසන 09 සිට මධ්‍යහන 12 දක්වා පැය 03ක කාලයක් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනයක නිරත විම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බධා පැමිණ තිබෙනවා.

තලවකැලේ ලිදුල ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් ලිදුල නගර මධ්‍යයෙන් පෙව 11.30 සිට 12 දක්වා විනාඩි 30ක කාලයක් හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගය හැටන් තලවකැලේ, ඩයගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනයක නිරත වුණා.

මස්කෙලිය, කුවින්ස්බෙරි වතුයායේ වතු කම්කරුවන් පිරිසක් එම වතුයායේ වතු අධිකාරිවරයාගේ නිල නිවස අසල උද්ඝෝෂනයක්ද සිදුකළා.

ප්‍රදේශ රැසකම උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ තමන්ට රු.1000 මුලික වැටුපක් හෝ අහිමි වු රු.140 ප්‍රසාද දිමනාව වතු සමාගම් වෙතින් ලබාදිමට කටයුතු කල යුතු බවයි.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here