Home Hit මාකඳුරේ මදුෂ් සමඟ ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් අත්අඩංගුවට

මාකඳුරේ මදුෂ් සමඟ ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් අත්අඩංගුවට

1289

ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු ලෙස සැළකෙන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද සිටින බවයි වාර්තා වන්නේ.

පොලීසිය පවසන්නේ, අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් 05 දෙනෙකු ද සිටින බවයි.

ඉන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර, කන්චිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක ඇතුළු පිරිසක් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු 05 දෙනෙක් ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායකයෙකු
ද සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here