Home Local පිං කැටය කැඩූ පාසල් සිසුවා අත්අඩංගුවට

පිං කැටය කැඩූ පාසල් සිසුවා අත්අඩංගුවට

761
0

වලස්මුල්ල නගරයේ බස්නැවැතුම්පළ ආසන්නයේ බෝධිය අසල සවිකර තිබූ පිං කැටය කඩා මුදල් සොරකම් කළේ යැයි කියන වලස්මුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු අද (05) අළුයම අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසනවා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ වලස්මුල්ල විජේසිරිපුර ප්‍රදේශයේ පදිංචි වලස්මුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස්පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සිසුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

වලස්මුල්ල බස්නැවතුම්පළ අසල බෝධිය අසල සවිකර තිබූ පිං කැටයෙන් අළුයම 12.45ට පමණ මුදල් සොරකම් කරමින් සිටියදී රාත්‍රී මුරසංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිං කැටයෙන් සොරකම් කරන ලද්දේ යැයි කියන රුපියල් 2916ක් තරුණයා සන්තකයේ තිබියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here