Home World පැරිස් නගරයේ මහල් නිවසක ගින්නක්

පැරිස් නගරයේ මහල් නිවසක ගින්නක්

243
0

ප්‍රංශයේ පැරිස් නගරයේ මහල් නිවාසයක හටගත් ගින්නකින් කුඩා දරුවෙක් ඇතුළු පුද්ගලයන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මහල් 08කින් යුත් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් 30කට ආසන්න පිරිසක් පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

තවත් කිහිප දෙනෙකු අතුරුදන් වී ඇති අතර ගිනි නිවන භටයින් සදහන් කරන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ ආසන්නයේ තිබෙන අනෙකුත් ගොඩනැගිලි වල ජනතාව ද කඩිනමින් ඉවත්කිරීමට ගිනි නිවන අංශ කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here