Home World පාප්වහන්සේ පළමු වරට අබුඩාබියට

පාප්වහන්සේ පළමු වරට අබුඩාබියට

305
0

ප්‍රැන්සිස්‌ පාප්වහන්සේ එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක්‌ ආරම්භ කර ඇති අතර එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණි පළමු පාප්වහන්සේ මොහු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සංචාරය ඉතිහාසයේ නව සන්ධිස්‌ථානයක්‌ වනු ඇති බවත් ඒ තුළින් ආගම් අතර සහයෝගීතාව ගොඩනැගෙන බවත් පාප්වහන්සේ පවසා තිබෙනවා.

එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය මුස්‌ලිම් රාජ්‍යයක්‌ වුව ද එරට ක්‍රිස්‌තියානි ජනතාව ලක්‌ෂ 12ක් වාසය කරනු ලබන අතර ඒ අතරින් වැඩි පිරිස පිලිපීන හා ඉන්දියානු ජාතිකයන් වනවා.

අබුඩාබිහි දින 03ක්‌ ගත කරන පාප්වහන්සේ එහිදී යුදෙව් හා ක්‍රිස්‌තියානි නායකයන් සමඟ අන්තර් ආගමික සමුළුවකට ද සහභාගි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here