Home Local ධාවනය වෙමින් තිබූ බස් රථයක් මතට දුරකථන රැහැන් පද්ධතියක් කඩාවැටෙයි – රථවාහන...

ධාවනය වෙමින් තිබූ බස් රථයක් මතට දුරකථන රැහැන් පද්ධතියක් කඩාවැටෙයි – රථවාහන ගමනාගමනයට සීමා

267
0

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ්, දියසිරිගම ප්‍රදේශයේදි ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් මතට ප්‍රධාන මාර්ගයේ අභියස තිබු දුරකථන රැහන් සහිත කණුවක් කඩා වැටිමෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමනය එක් මංතිරුවකට සීමාකර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

අද (05) උදැසන 6.30ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදියි.

හැටන් සිට නොර්වුඩ් දක්වා හැටන් ටෙලිකොම් කාර්යයාලය මගින් ඇද තිබෙන දුරකථන රැහන් කිහිපයක් දින කිහිපයක් තිස්සේ ප්‍රධාන මාර්ගයට පහත් වි තිබිම නිසා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයේ එම රැහන් පද්ධතිය පැටලි දුරකථන රැහන් කණුව බස් රථය මතට වැටි මෙම අනතුර සිදු වි තිබෙනවා.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර බස් රථයට සුළු අලාභ හානි සිදු වි ඇති බවයි වාර්තා වන්නේ.

කඩා වැටුණු දුරකථන රැහන් පද්ධතිය මාර්ගයෙන් ඉන් ඉවත් කරන ලෙසට ටෙලිකොම් කාර්යයලය වෙත දැනුම් දි ඇති බව නොර්වුඩ් පොලිසිය සඳහන් කර සිටියා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here