දකුණු අප්‍රිකා තරග සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමි වී තිබෙනවා.
එහි උප නායකත්වය හිමිව ඇත්තේ නිරෝෂන් දික්වැල්ලටයි.
ඒ අනුව මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් නායක ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ට කන්ඩායමේ නායකත්වය මෙන්ම පිතිකරණ ස්ථානය ද අහිමි වී තිබෙනවා.
ඒ, නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට කැඳවා තිබීම හේතුවෙනි.
එම නවක ක්‍රීඩකයින් වන්නේ ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, මොහොමඩ් සිරාස් හා මිලින්ද සිරිවර්ධනයි.
ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් සංචිතයට එක්ව සිටි සදීර සමරවික්‍රම, රොෂේන් සිල්වා හා දිල්රුවන් පෙරේරාට ද කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබුණා.
දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ලබන 13 වනදා ඩර්බන්හිදී ආරම්භ වීමට නියමිතයි.
