Home Local ජෙෆ්රි ඇලෝසියස්ට ඉන්දියා යන්න අධිකරණයෙන් අවසර

ජෙෆ්රි ඇලෝසියස්ට ඉන්දියා යන්න අධිකරණයෙන් අවසර

240
0

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රී ජෝසෆ් ඇලෝසියස්ට ලබන 13 වනදා සිට සතියක කාලයක් සඳහා ඉන්දියාව බලා යාමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (05) අවසර ලබා දුන්නා.

එහිදී ඇලෝසියස් මහතාගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මේ මස 13 වනදා සිට ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල යාමට අවශ්‍යව ඇති බවයි.

ඒ සඳහා ඔහුට දැනට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අදාල කාල සීමාව සඳහා තාවකාලිකව ලිහිල් කරන මෙන් ද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ ජෙෆ්රි ඇලෝසියස් ඉන්දියාවට යාම සම්බන්ධයෙන් කරන ඉල්ලීමට විරුද්ධත්වයක් ඉදිරිපත් නොකරන බවත් කෙසේ වෙතත් සිංගප්පූරුවට යාම සඳහා කරන ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍ය බව ඔහු සඳහන් කර තිබුණත් ඒ බව තහවුරු කරන ලේඛන කිසිවක් ඔහු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් එම ඉල්ලීමට විරුද්ධ වන බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව ඇලෝසියස් හට මේ මස 13 වනදා සිට 20 වනදා දක්වා කාලසීමාව තුළ ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා දැනට පණවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කිරීමට අවසර දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිංගප්පූරුවට යාමට ඉඩදෙන මෙන් කරන ඉල්ලීම පිළිබඳව ඒ බව තහවුරු කෙරෙන වෛද්‍ය ලේඛන ලබන 25 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කර කරුණු දක්වන ලෙස ඇලෝසියස්ගේ නීතිඥවරු වෙත දන්වා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here