Home Local කසිප්පු මිලි ලීටර් කෝටි ගණනක් සමඟ කතක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට – PHOTOS

කසිප්පු මිලි ලීටර් කෝටි ගණනක් සමඟ කතක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට – PHOTOS

695

නීති විරෝධී කසිප්පු මිලී ලීටර් එක් කෝටි ගණනක් සමග දිඹුල – පතන පොලිස් වසමට අයත් ඩෙවෝන් ප්‍රදේශයේ කසිප්පු ස්කාගාරයක් වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් පිරිසක් විසින් වටලා සැකකරුවන් සමග ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඩෙවෝන් ප්‍රදේශයේ නිවසක් අසල එළවළු කොටුවක මෙම කසිප්පු ස්කාගාරය කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති අතර මෙහිදී පෙරණ ලද කසිප්පු මිලී ලීටර් 10827000ක් හා ගෝඩා බැරල් 48ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නීති විරෝධී ස්කාගාරයේ සිට පෙරණ ලද කසිප්පු තොගයක් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමිනි තිබියදී වලාන දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත නාවලපිටිය නගරයේදී ඊයේ (04) රාත්‍රී කළ වැටලීමකදී සැකකරුවන් සමග කසිප්පු බෝතල් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම කසිප්පු ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් බවයි වාර්තා වන්නේ.

එහිදී සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී දිඹුල, ඩෙවෝන් ප්‍රදේශයේ ඉතා රහසිගතව පවත්වාගෙන යනු ලැබූ මෙම නීති විරෝධි කසිප්පු ස්කාගාරය වටලා බෙදාහැරීම සඳහා සුදානම් කර තිබූ කසිප්පු බෝතල් 124036ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සඳහා වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමග නාවලපිටිය පොලීසියේ නිලධාරීන්ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රිෂාණ්තන්  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here