වේයන්ගොඩ, නයිවල ළමා උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබාසිටි දැරිය මියගොස් තිබෙනවා.
මෙම ළමා උද්‍යානයේ කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටී ඊයේ සිදුවූ එම අනතුරින් මියගිය දැරියගේ 47 හැවිරිදි මව (තිදරු මවක්) ද ජීවිතක්ෂයට පත්වුණා.
ගම්පහ රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, අද (05) පෙරවරුවේ දැරිය මියගිය බවයි.
ඇය 13 හැවිරිදි ගම්පහ, නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ළමා උද්‍යානය පවත්වාගෙන ගිය පුද්ගලයින් 06 දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.