Home Local ඇන්තූරියම් මල් පැළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු රේගු භාරයට

ඇන්තූරියම් මල් පැළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු රේගු භාරයට

432
0

ඇන්තූරියම් මල් පැළ තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (05) දින රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වනවා.

කොළඹ, බත්තරමුල්ල සහ මාතර යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 49ක් සහ 2 ක් වන ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් මෙම මල් පැළ තොගය මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා.

මොවුන් දෙදෙනා ඊයේ දින මධ්‍යම රාත්‍රීයේ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි තායි ගුවන් සේවයට අයත්
TG – 308 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

පොලිතීන් මලු වල බහා , තම ගමන් මලු තුළ අසුරා ගෙන තිබූ , රුපියල් ලක්ෂ පහක් වටිනා මෙම ඇන්තූරියම් මල් පැළ තොගයේ , මල් පැළ 798 ක් තිබූ අතර ඔවුන් ඒවා රැගෙන ගුවන් තොටුපළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙසේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ ඇති විධිවිධාන අනුව දෙරටේ කෘෂිකර්ම බලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව මේ ආකාරයට මෙම පැළෑටි මෙරටට ගෙන ඒම නීතිවිරෝධී වනවා.

ටී.කේ.ජී.කපිල 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here