Home Hit 71 වන ජාතික දින උළෙල ගාලුමුවදොර දී

71 වන ජාතික දින උළෙල ගාලුමුවදොර දී

1049

අභිමානවත් 71 වන ශ්‍රී ලංකා නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.

එහි ජාතික දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේදි පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබෙනවා.

ප්‍රධාන ආරාධිතයින් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තියෙන් පසු ජාතික දින සැමරුම් උළෙල නිල වශයෙන් ආරම්භ කරන බවයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මෙවර ජාතික දින සැමරුම් උළලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සොල්හි සහ එම මැතිනිය සහභාගි වීමට නියමිතයි.

මෙවර ජාතික දින සැමරුම් උළෙලේ ආචාර පෙළපාලි සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව නියොජනය කරමින් නිළධාරීන් 3620ක්, නාවික හමුදාව නියෝජනය කරමින් නිළධාරින් 1249ක්, ගුවන් හමුදාව නියෝජනය කරමින් නිළධාරින් 830ක් සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් නිලධාරින් 1100ක් සහභාගීවිමට නියමිතව තිබෙනවා.

එමෙන්ම සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිළධාරින් 505ක් සහ ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100ක් ආචාර පෙලපාලිවයට එක්විමට නියමිතයි.

මෙවර ජාතික දින සැමරුම් උළෙල වෙනුවෙන් නර්ථන හා විචිත්‍රවත් සංස්කෘතික අංග සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1000ක පමණ පිරිසක් සහභාගි වන බවයි අභ්‍යයන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන අංශය මඟින් නිෂ්පාදිත මෙරට ප්‍රථම බැරල් 10යේ රොකට් ප්‍රහාරක අවිය එළිදැක්වීම ද අද (04) දිනයේ සිදුකිරීමට නියමිතයි.

මේ අතර 71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව කොළඹ නගරය තුළ උදෑසන කාලයේ විශේෂ රථ වාහන සැලස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටිනවා.

එමෙන්ම 71 වන ජාතික දින සැමරුම වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 545 දෙනෙකු නිදහස් කිරිමට ද නියමිතයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සදහන් කළේ සුලු වැරදි සදහා බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් පිරිසක් මෙලෙස නිදහස් කිරීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here