Home Local සත්‍යග්‍රහයට නායකත්වය දුන් පූජකවරයකුගේ මෝටර් රථයට මැර ප්‍රහාරයක් – PHOTOS

සත්‍යග්‍රහයට නායකත්වය දුන් පූජකවරයකුගේ මෝටර් රථයට මැර ප්‍රහාරයක් – PHOTOS

313
0

වතු කම්කරුවන්ට රු 1000ක මුලික වැටුපක් ඉල්ලා හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ වතුකම්කරුවන් පිරිසක් ඊයේ (03) ආරම්භ කල සත්‍යග්‍රහයට නායකත්වය ලබාදෙන සමස්ත ලංකා හින්දු මහ සභාවේ සභාපති සහ කදුරට හින්දු පුජක සංවිධානයේ ලේකම් ශ්‍රිව ශ්‍රි වේලු ශර්මා පුජකවරයාගේ මොටර් රථයට කිසියම් පිරිසක් පහර දි අලාභ හානි සිදු කර තිබෙනවා.

හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස පුජකවරයාගේ නිවස ඉදිරිපිට ගාල් කර තිබු මොටර් රථයට ත්‍රිරෝද රථයකින් පැමිණි නාදුනන තිදෙනෙකු විසින් අද (04) අලුයම 12.30 ට පමණ මුගුරු වලින් පහර දි පලාගිය බවයි පුජකවරයා කියා සිටින්නේ.

වතු කම්කරුන්ට රු 1000 ක මුලික වැටුපක් ලබාදෙන ලෙස වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ ඊයේ සිට ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට තමන් සහභාගි වි එයට නායකත්වය ලබා දි ඊයේ රාත්‍රි 12 ට පමණ තම නිවසට පැමිණ රාත්‍රි ආහාරය ගනිමින් සිටියදි කොටගල මේෆිල්ඩ් වත්ත ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයෙන් පැමිණි තිදෙනෙකු විසින් පහර දි පලා ගිය බවත්,පහර දිමෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි පුජක ශ්‍රිව ශ්‍රි වේලු ශර්මා පුජකවරයා කියා සිටින්නේ.

වතුකරය නියෝජනය කරන දේශපාලඥයින් මෙම පහර දිම සිදු කරන්නට ඇති බවත්, 71 වන නිදහස් සැමරුම් දිනයේදි රට තුල කිසිදු නිදහසක් නොමැති බවත්, මෙම පහර දිම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ශ්‍රිව ශ්‍රි වේලු ශර්මා පුජකවරයා ඉල්ලා සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරික්ෂණ පවත්වන අතර ඊයේ ආරම්භ කල සත්‍යග්‍රහය දෙවනි දිනටත් ක්‍රියාත්මකයි.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here