Home Hit මාලි රාජ්‍යයේදී මියගිය සාම සාධක හමුදා නිලධාරීන්ගේ දේහයන් දිවයිනට – PHOTOS

මාලි රාජ්‍යයේදී මියගිය සාම සාධක හමුදා නිලධාරීන්ගේ දේහයන් දිවයිනට – PHOTOS

634
0

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නියැලී සිටි ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ගේ දේහයන් අද (04) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා.

එම දේහයන් රැගත් තුර්කි ගුවන් සේවයට අයත් TK – 730 දරන ගුවන් යානය ඉස්තාන්බුල් නුවර සිට පස්වරු 3.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගාවිය .

දේහයන් භාර ගැනීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රැවන් විජේවර්ධන, ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනාරත්න, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ප්‍රධානී ස්වීඩන් යුධ හමුදාවේ ලුතිනන් ජනරාල් ඩෙනිස් ඇතුළු ශ්‍රී ලංකා යුධ හමුදාවේ උසස් නිලධාරීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

යුධ හමුදා නිලධාරීන්ගේ ආචාර මධ්‍යයේ මෙම දේහයන් ගුවන් යානයේ සිට අවමංගල්‍ය රථ කරා ගෙනයනු ලැබීය .

ඉකුත් 25 වනදා මාලී රාජ්‍යයේ වේලාවෙන් උදෑසන 6.25 ට පමණ මෙම නිලධාරීන් අනතුරට ලක් වී තිබුණා.

මෙසේ එම අනතුරින් මිය ගොස් සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ පාබළ හමුදාවට අයත් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මේජර් එච්.ඩබ්ලිව්.ඩී.ජයවික්‍රම සහ යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ සාජන්ට් 36 හැවිරිදි කුරුණෑගල පොල්පිතිගම පදිංචි එස්.එස්.විජේවික්‍රම යන නිලධාරීනුයි.

මෙහිදී ගුවන් තොටුපළ ගුවන් යානා අංගනය තුළ දී මාධ්‍ය ඇමතූ අමාත්‍ය රුවන් විජේවර්ධන කියා සිටියේ,

”අපගේ හමුදා නිලධාරීන් මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා කටයුතු අකුරටම ඉටු කරමින් සිටිනවා. මේ පිළිබඳව ප්‍රශංසාත්මක ඇගැයීම් එක්සත් ජාතීන්ගේ සංගමය මගින් අප වෙත ලැබී තිබෙනවා . මිය ගිය මෙම හමුදා නිලධාරීන්ගේ පවුල් වලට එක්සත් ජාතීන්ගේ සංගමය මගින් ප්‍රතිපාදන ලබා දීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා.”

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනාරත්න කියා සිටියේ, මව් බිම වෙනුවෙන් සටන් කර තම මව්බිමට නිදහස ලබා දුන් මෙම රණවිරුවන් , ජාත්‍යන්තර වශයෙන් සමස්ථ ලෝක වාසීන්ට නිදහස දිනා දීමට මෙසේ කටයුතු කරමින් සිටියදී මෙම අනතුරුට මුහුණ දී ඇති බවයි.

මෙම අනතුරින් තුවාල ලැබූ අනෙකුත් ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් මේ වනවිට සුවය ලබමින් පසුවන බවද ඔහු සඳහන් කර සිටියා.

ලාංකික හමුදා නිලධාරීන්ගේ නිර්භීතභාවය , රාජකාරීයට ඇප කැප වීම සදහා මේ අවස්ථාවේ මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා ප්‍රධානී ලුතිනන් ජනරාල් ඩෙනිස් මහතා මෙහි පැමිණ සිටීමෙන් තහවුරු වන බවද සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා ප්‍රධානී ස්වීඩන් යුධ හමුදාවේ ලුතිනන් ජනරාල් ඩෙනිස් කියා සිටියේ, මම මුලින්ම ශ්‍රී ලාංකික ජනතාවට සහ මෙම නිලධාරීන්ගේ පවුල් වල උදවියට අපගේ ශෝකය පළ කර සිටිනවා. මෙම ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් මාලී රාජ්‍යය තුළ අමාරු , දුෂ්කර හමුදා ක්‍රියාන්විත වල නියැලී සිටිනවා . ඔවුන් රාජකාරීමය වශයෙන් වඩාත් වෘත්තීයමය භාවයක් පෙන්නුම් කරන , කණ්ඩායම් හැගීමෙන් කටයුතු කරන දක්ෂ හමුදාවක් බව ප්‍රකාශ කරනවා . මෙම ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ගේ සේවය දිගටම ලෝකය පුරා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී කටයුතු සදහා යොදා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා .

ඉන් පසු මෙම හමුදා නිලධාරීන්ගේ දේහයන් විශේෂ රථ පෙරහැරක් මගින් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යනු ලැබුවා.

dig
sdr
sdr
sdr

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here