Home Hit ජාතික වෙළෙඳ ප්‍රතිපත්ති වාර්තාව ජනපතිට

ජාතික වෙළෙඳ ප්‍රතිපත්ති වාර්තාව ජනපතිට

388

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීම උදෙසා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කළ මහජන කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් විසින් ලබාදුන් අදහස් සාරාංශ කොට සකස් කරන ලද අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගැන්වීම අද (04) පස්වරුවේ කොළඹ 07 විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මධ්‍යස්ථානයේ දී සිදුකෙරුණා.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් මෙම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා.

“නෛතික නිදහසින් වසර 71කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සැබෑ නිදහසක් කරා” යන තේමාව යටතේ සංවිධානය කෙරුණු ප්‍රදර්ශනය නැරඹීමට ද අනතුරුව ජනාධිපතිතුමා එක්ව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආරාධිත පිරිසක් ද වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල පෙරේරා ඇතුළු එහි සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here