Home Tech ‘ගූගල් ප්ලස්‘ අප්‍රේල් මස 02 වනදා සිට නවතයි

‘ගූගල් ප්ලස්‘ අප්‍රේල් මස 02 වනදා සිට නවතයි

709

ගූගල් ප්ලස් සමාජ මාධ්‍ය සේවය එළඹෙන අප්‍රේල් මස 2 වැනිදා සිට නතර කිරීමට තීරණය කරඇතැයි වාර්තා වනවා.

ඒ අනුව එහි පවත්වාගෙන ගිය පෞද්ගලික ගිණුම් සහ ප්‍රවර්ධක පිටු මකා දැමීම සිදු කරනු ලබයි.

පරිශීලකයන්ගේ අවම භාවිතය සහ පවත්වාගෙන යාමේදී ඇති වූ අභියෝග නිසා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පරිශීලකයන් මිලියන 52.5කගේ දත්ත මෙසේ මකා දැමීමට ගූගල් ප්ලස් සමාගම කටයුතු කරනු ලබනවා.

පරිශීලකයින්ගේ ඡායාරූප සහ වීඩියෝ ඇතුළු අන්තර්ගතයන් මැකීම සිදු කර බැවින් 2019 මාර්තු මස මුල සිට ඔවුන්ගේ දත්ත භාගත කර සුරැකීමට උපදෙස් ලබාදෙනු ඇති.

ඒ අනුව අද (04) සිට නව ගූගල් ප්ලස් ගිණුම් හෝ ප්‍රවර්ධන පිටු නිර්මාණය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව අහිමි වනු ඇති.

2011 ජුනි මාසයේ ෆේස්බුක් සහ ට්විටර් වැනි අනෙකුත් සමාජ ජාලවලට අභියෝග කරමින් ගූගල් ප්ලස් සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කර අතර 2015 වන විට එහි පරිශීලකයන් ප්‍රමාණය මිලියන 111ක් ලෙසයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here