Home Local ගාල්ලේ නිදහස සමරයි – PHOTOS

ගාල්ලේ නිදහස සමරයි – PHOTOS

577
0

71 වන නිදහස් ජාතික දිනයට සමගාමිව පවත් වනුලබන ගාල්ල දිස්ත්‍රික් නිදහස් සමරුව අද (04) පෙරවරුවේ ගාල්ල බස්නැවතුම් පොල ඉදිරිපිට දී පැවැත්වුණා.

මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉඩම්, පාර්ලිමෙන්තු ප්‍රතිසංස්කරණ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක සහභාගී වී තිබෙනවා.

උත්සවය සමාරම්භ කරමින් ජාතික ධජය එසවිම අමත්‍ය ගයන්ත කරුණාතිලක විසින් සිදුකළ අතර, පළාත් කොඩිය ගාල්ල මහ නගරාධිපති ප්‍රියාත් සහබන්දු වෙතින්ද, දිස්ත්‍රික් ධජය ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණගේ ප්‍රධානත්වයෙන් එසවනු ලැබුවා.

ඉන්අනතුරුව පැවති ආචාර පෙළපාලිය විසින් යුද හමුදාව විසින් මෙහෙයවිම සිදුකල අතර, ආචාර පෙළපාලිය අමාත්‍යවරයා විසින් පිළිගනු ලැබුවා.

ඉන් අනතුරුව පැවති පාසල් දරු දැරියන් 1200කට ආසන්න පිරිසක් විසින් සිදුකල ආචාර පෙළපාලිය සහ සංස්කෘතික පෙරහර ද උත්කර්ශවත් ලෙස පවත්වමින් ඊට එක් විය.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා ප්‍රධානින් සහ ගාල්ල ජේශ්ඨ පොලිස් අධිකාරිතුමන්ද සහභාගී වී සිටියා.

අනතුරුව දමිල බසින් ජාතික ගීය ගායනා කරමින් උත්සවය අවසන් වුණා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here