Home Local උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යළි යථාතත්වයට – PHOTOS

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යළි යථාතත්වයට – PHOTOS

309
0

කොටගල දුම්රිය ස්ථානය පරිශ්‍රයේදි පීළිපැනීමට ලක්වු දුම්රිය ඉන්ධන ප්‍රවාහන ටැංකිය පීළිගත කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලංකා ඛණිජතෙල් සංස්ථාවේ කොටගල ගබඩාවේ නිලධාරින් හා සේවකයින් එක්ව එම ටැංකියේ තිබු ඉන්ධන ඉවත්කර ගැනිමෙන් අනතුරුව නානුඔය වැඩ ඒකකයේ සේවකයින් විසින් 9.50ට පමණ දුම්රිය පිළිගත කර අවසන් කරනු ලැබුවා.

මෙසේ අනතුරට පත්වුයේ නාවලපිටිය සිට නානුඔය දක්වා පෙට්‍රල් ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක් වන අතර එය ඊයේ (03) සවස 5.45 ට පමණ කොටගල දුම්රිය ස්ථානයේ දී පීලිපැනිමකට ලක්ව තිබෙනවා.

එම දුම්රිය ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ කොටගල ඉන්ධන ගබඩාව වෙත ඉන්ධන රැගෙන යමින් තිබියදි අනතුරට පත්ව ඇති අතර මෙසේ අනතුරට ලක්වුයේ පෙට්‍රල් ලිටර 26630ක් ඉන්ධන පුරවන ලද අක159 දරණ ටැංකියකි.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති අතර පෙට්‍රල් ටැංකියට හානියක් සිදුනොවිම නිසා අපතේ යාමක්ද සිදුවී නොමැත.

මෙම තෙල් ටැංකිය පිළිගත කිරිම නිමා කොට දුම්රිය මාර්ගට යථා තත්ත්වයට පත්කර ගැනිමට හැකි වු නිසා රාත්‍රි තැපැල් දුම්රියට බාධා නොවූ බවයි දුම්රිය සේවකයින් පැවසුවේ.

ක්‍රිෂාන්තන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here