Home Hit සිංගිමලේ රක්ෂිතයේ ගින්නකින් අක්කර 200ක විනාශයක් –...

සිංගිමලේ රක්ෂිතයේ ගින්නකින් අක්කර 200ක විනාශයක් – PHOTOS

386
0

හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් සිංගිමලේ රක්ෂිත කදු මුදුණේ හට ගත් ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 200 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් පවසනවා.

ඊයේ (02) පස්වරු 02ට පමණ එම රක්ෂිතයේ හට ගත් ගින්න සිඝ්‍රයෙන් කදු මුදුණ දක්වා පැතිර යාමත් සමග හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් ලක්ෂපාන යුධ හමුදා කදුවුරේ භට පිරිස් සහ හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් එක් වි ඊයේ රාත්‍රිය වන තෙක්ම දැඩි පරිශ්‍රමයක් දරා පැතිර යමින් තිබු ගින්න පානය කිරිමට සමත් ව තිබෙනවා.

හැටන් ප්‍රදේශයට ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් පානිය ලබා ගන්නා ප්‍රධාන ජල වේල්ලද එම රක්ෂිතයට පහලින් පිහිටා ඇති අතර හටගත් ගින්න සමගම එම රක්ෂිතයේ පිහිටි ජල මුලාශ ද සිදියාමේ තර්ජනයකට ලක් ව තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි වන අඩවි කාර්යයාලයේ නිලධාරින් සැකකරන්නේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here