Home Local සති අන්තයේ ශ්‍රී පාද වන්දනාවට ලක්ෂ 02කට ආසන්න බැතිමතුන් පිරිසක් – PHOTOS

සති අන්තයේ ශ්‍රී පාද වන්දනාවට ලක්ෂ 02කට ආසන්න බැතිමතුන් පිරිසක් – PHOTOS

536
0

සති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට ලක්ෂ 02කට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණ බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා.

වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නිය සියළුම රථගාල් වල ගාල් කර සෙසු වාහන නල්ලතන්නිය – මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නියේ සිට මස්කෙලිය සමන් දේවාලය දක්වා කිලෝමිටර් 05ක් පමණ දුරට මාර්ගය එක් පසක ගාල් කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

පැමිණි වන්දනාකරුවන් පිරිසකට ශ්‍රි පාදය කරුණා කිරිමට නොහැකිව ආපසු ගිය බවත්, නල්ලතන්නියේ සිට මස්කෙලිය දක්වා වන්දනාකරුවන් පැමිණෙන වාහන නිසි රථ වාහන සැලැස්මක් යටතේ ගාල් කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සති අන්ත නිවාඩුවත් සමග කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ඊයේ (02) සිට ධාවනය වු විශේෂ දුම්රියෙන් ද ශ්‍රි පාදය කරුණා කිරිමට හැටන් දුම්රිය ස්ථානයට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටියා.

හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා ප්‍රවහනය කිරිමට හැටන් ලංගම ඩිපොවෙන් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here