Home Local ලෝක තෙත්බිම් දිනයට නාවික හමුදාවෙන් කඩෝලාන පැළ 1000ක්

ලෝක තෙත්බිම් දිනයට නාවික හමුදාවෙන් කඩෝලාන පැළ 1000ක්

410
0

තෙත්බිම්වල වටිනාකම පිළිබඳ ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා ‘ලෝක තෙත්බිම් දිනය’ සෑම වසරකම පෙබරවාරි 02 වනදා සැමරිමට කටයුතු කරනු ලබනවා.

1971 දී ඉරානයේ රම්සාර්හිදි තෙත්බිම් පිළිබඳ රම්සාර් සම්මුතිය සම්මත කරගැනීමට කටයුතු කර ඇති අතර, මෙවර තෙත්බිම් දිනයේ තේමාව වන්නේ ‘තෙත්බිම් සහ දේශගුණික වෙනස්වීම්’ යන්නයි.

ඒ සඳහා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් වයඹ නාවික විධානය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ලද අතර, එහිදි කඩෝලාන පැළ 1000කට අධික ප්‍රමාණයක් සිටුවිමට නාවික හමුදාව ඇතුළු සිවිල් සංවිධාන කටයුතු කරනු ලැබුවා.

මෙම වැඩසටහන සඳහා වයඹ නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රෝහිත පෙරේරා ඇතුළු වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ධීවරයින් සහ පාසල් සිසුන් විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.

තවද, එම වැඩසටහනට ‍සමගාමිව වයඹ නාවික විධානයට අයත් ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය, ශ්‍රී ලංකා නවික නෞකා භරණ, විජය, ථෙරපුත්ත සහ තම්බපන්ණි යන ආයතනවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here