පොලොන්නරුව, හිගුරග්ගොඩ ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වන අයුරින් හිගුරග්ගොඩ නගරයේ හෝටලයක පැවැත් වූ ෆේස්බුක් සාදයක් හිගුරග්ගොඩ පොලිසිය විසින් ඊයේ (02) මධ්‍යම රාත්‍රී 2.00ට පමණ වටලා තිබෙනවා.
මෙහිදී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිණ සිට ඇතයි කියන කාන්තාවන් 06ක් හා පිරිමි 83 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර මොවුන් ගංජා ,කේරල ගංජා, අසිස් හා ඇපල් නමැති මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති බවයි පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කර සිටින්නේ.
ඊට සහභාගී වූ වයස අවුරුදු 25,30,35,40 යන වයස් කාණ්ඩ වල පසුවන සැකකරුවන් තබුත්තේගම ,හෝමාගම ,දෙහිවල ,කුරුනෑගල ,ත්‍රිකුණාමලය,යන ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසක් බවත් හඳුනාගෙන ඇති අතර මොවුන් අද (03) හිගුරග්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලිසියට ලැබුණු පැමිණිලි රාශියක් අනුව මොවුන් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කර සිටිනවා.
රොෂාන් තුෂාර තෙන්නකෝන්