Home Local නාවුල කෙසෙල් වගාවටත් සේනාගෙන් උවදුරු – PHOTOS

නාවුල කෙසෙල් වගාවටත් සේනාගෙන් උවදුරු – PHOTOS

687
0

සේනා දළඹු විශේෂය මේ වන විට නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කෙසෙල් වගාවට ද ව්‍යාප්ත වී ඇතැයි ගොවිහු චෝදනා කර සිටිනවා.

පෙර වාර්තා වූ ගුරැ පැහැති සේනා දළඹු විශේෂයට වඩා සුදු පැහැයෙන් යුතු දළඹු විශේෂයක් මේ වන විට නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමනිලධාරි වසම් රැසකට ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

බිබිල, බොබැල්ල, නාලන්ද හා කරවිලහේන ප්‍රදේශය වලින් මීට පෙර වාර්තා වු සේනා දළඹු විශේෂය මේ වන විට නාඋල ප්‍රදේශයේ කෙසේ වගාවේ ද දක්නට ලබෙන බවත්, කෙසෙල් ශාක රැසක් දළඹුවන්ගේ ග්‍රහණයට හසුවි ඇති බවත් ගොවිහු කියා සිටිනව.

කෙසෙල් වගාවේ පත්‍රවලට හානි සිදුකිරිම හා ගොබයට හානි සිදුකිරීම දළඹුවන් විසින් සිදුකර ඇති අතර විශාල වශයෙන් පත්‍ර ආහාරයට ගෙන ඇති අයුරැ දක්නට ලැබෙනවා.

සේනා දළඹු විශේෂය මර්ධනය සම්බන්ධයෙන් නාඋල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අළුගොල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථානයෙන් කළ විමසීමක දී නාඋල ප්‍රදේශය භාර කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරැන් කියා සිටියේ දළඹූවාගේ ව්‍යාප්තිය පාලනය සදහා විශේෂ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි.

ඉන්දික අරැණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here