Home Local කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක්

කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක්

375

සති අන්ත දිර්ඝ නිවාඩුව සදහා කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඊයේ (02) සිට සති අන්ත නිවාඩුව අවසන් වන තෙක් දිනපතා උදැසන 7.30ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන එම විශේෂ දුම්රිය එදින 12.30 හැටන් දුම්රිය ස්ථානයට ලගා වන අතර එම දුම්රිය පස්වරු 1.30 ට නානුඔය දුම්රිය ස්ථානය වෙත ලගා විමට නියමිත වනවා.

යලිත් එම දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා පස්වරු 5 ට ගමන් ආරම්භ කරන අතර එය මධ්‍යම රාත්‍රි 12 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙනු ඇති.

ඊයේ සිට ධාවනය එක් කර ඇති විශේෂ දුම්රියෙන් ශ්‍රි පාදය කරුණා කිරිමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ අතර එම දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලත්නිය දක්වා ප්‍රවහනය කිරිමට හැටන් ලංගම ඩිපෝවේ බස් රථ කිහිපයක් ධාවනයට එක් කර තිබෙනවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ රාත්‍රි තැපැල් දුම්රියෙන්ද ශ්‍රි පාදය කරුණා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් අමතර ලංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති බව හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ පරික්ෂක රෝහණ ද සිල්වා සඳහන් කර සිටියා.

සති අන්ත දිර්ඝ නිවාඩුක් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙන බවත්, එම වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුමරිය ස්ථානයේ විශ්‍රාම ශලාවේ අවශ්‍ය සියළුම පහසුකම් පලසා ඇති බවයි හැටන් දුම්රිය ස්ථානයේ උසස් නිලධාරියෙකු සඳහන් කර සිටියේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here