Home Local කුංචිකුලම රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් වටලයි – PHOTOS

කුංචිකුලම රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් වටලයි – PHOTOS

551
0

වවුනියාව, කුංචිකුලම රක්ෂිතයේ සිදුකළ බුරුත දැව ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනකු අද (03) අලුයම අත්අඩංගුවට ගත් බව වවුනියාව, පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

විශේෂ කාර්ය බළකා නිළධාරීන් පැවසූවේ රක්ෂිතයේ වැටලීම සිදුකළ ස්ථානයේ තිබී අඩි 07ක් පමණ දිගින් යුත් බුරුත දැව කඳන් 60ක් සොයාගත් අතර, අදාළ දැව තොගය කුංචිකුලම රක්ෂිතයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම දැව ජාවාරම වන බවයි.

අත්අඩංගුවට ගත් බුරුත දැව කඳන් වල වටිනාකම රුපියල් ලක්ෂ 12 අධික බවයි වාර්තා වන්නේ.

කුංචිකුලම රක්ෂිතයේ සිදුකෙරෙන මහ පරිමාණ දැව ජාවාරමක් සම්බන්ධයෙන් පුලියන්කුලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරකට අනුව දින 02ක කාලයක් රක්ෂිතයේ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් හා දැවකඳන් පටවමින් තිබූ ලොරි රථයක් අත්අඩංගුවට ගත් බවද විශේෂ කාර්ය බළකා නිළධාරීන් පැවසුවේ.

සම්පූර්ණයෙන් ආවරණය කරන ලොරි රථය තුළට බුරුත දැව කදන් පටවා යාපනය සිට මා`ඵ ප්‍රවාහනය කරන මුවාවෙන් වවුනියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ දැව මඩුවක් දැව තොගය රැගෙනයාමට සූදානම්ව සිටි බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් අනාවරණය කොටගෙන තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේ ලොරි රථයේ සිටි රියදුරු පලාගොස් ඇති අතර ඔහු සොයා තවදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 ත් 45 අතර වයසේ පසුවන පිරිසකි.

සැකකරුවන් ,දැවකඳන් සහ ලොරි රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඕමන්ත පොලිස් ස්ථානයට භාරදීමට නියමිත අතර පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් , වවුනියාව කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී පැට්රික් සිල්වා යන පිරිසගේ උපදෙස් මත ප්‍රදේශිය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී කටුගම්පොළගේ අධීක්ෂණය යටතේ පුලියංකුලම විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ජි. ලාල් ජයතිලකගේ මෙහෙයවීම මත පොලිස් සැරයන්වරුන් වන (32447) ප්‍රියන්ත , (36655) ප්‍රසන්න , (14882) පෙරේරා, (39724) පතිරණ, පොලිස් කොස්තාපල්වරුන් වන (76496) අශෝක, (72355) රත්නායක, (79407) ජයලත්, (83317) රත්නායක, පොලිස් කොස්තාපල් රියදුරු (76111) බණ්ඩාර ඇතු`ඵ කණ්ඩායමක් වැටලීම සඳහා එක්ව සිටියා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here