Home Hit ආණ්ඩුවට එකතු වෙන්න – අගමැතිගෙන් ඇරයුම්

ආණ්ඩුවට එකතු වෙන්න – අගමැතිගෙන් ඇරයුම්

853

එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විවෘත ආරාධනාවක් කර තිබෙනවා.

ඒ සතිඅන්තයේ දී අරලියගහ මන්දියේ පැවති ගම්පෙරළිය සහ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන් යළි ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරිමට මා කැමතියි. අපි එකට වැඩ කරමු. අපි එකට එකතු වුණොත් කිසිවෙකුට නතර කළ නොහැකියි.

අපි 2015 දී විශාල අභියෝගයක් බාර ගත්තේ. එම වසරේ දී ලෝකයේ වඩාත්ම ණයගැති වු රට ලංකාවයි. කෙසේ වෙතත් අපි ඒ දේවල් කළමනාකරණය කරලා නැවත යථා තත්තවයට ගෙන ආවා.”

අපේ සැලසුම් සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපට කිසිවෙකු පරාජය කළ නොහැකි යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here