Home Local අට හැවිරිදි දැරියකට අතවර කළ බාප්පා අත්අඩංගුවට

අට හැවිරිදි දැරියකට අතවර කළ බාප්පා අත්අඩංගුවට

830
0

අට හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරිම සම්බන්ධයෙන් එම දැරියගේ බාප්පා අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසනවා.

මෙම දැරියගේ පියා මවව අතහැර ගිය පසු මව දෙවන වරට තවත් කෙනෙකු සමග විවාහ වී තිබෙනවා.

මේ අතර දැරියගේ බාප්පා වන සැකකරු 2017 වසරේ සිට ඇයට අතවර කර ඇති අතර ඒ පිළිබඳව තම මවට පවසා ඇතත් මව තැකීමක් කර නොමැති බවද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසනවා.

දිගින් දිගටම බාප්පා විසින් දැරියට අතවර කරන විට ඇය මේ සිද්ධිය තම මිත්තණියට දැනුම්දී තිබෙනවා.

ඇය විසින් මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය 39 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද දහවල් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

ෆර්හාන් නිසම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here