Home Local වීරකැටිය ඝාතනයේ සැකකරුවන් පලායමින් සිටියදී පොලිස් අත්අඩංගුවට

වීරකැටිය ඝාතනයේ සැකකරුවන් පලායමින් සිටියදී පොලිස් අත්අඩංගුවට

537
0

වීරකැටිය, බැඳිගම තිරාවල ප්‍රදේශයේදී තිදරු පියකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළේයැයි කියන සැකකරුවන් දෙදෙනකු ත්‍රී රෝද රථයකින් පලා යමින් සිටියදී වීරවිල ප්‍රදේශයේදී පසුගිය (31) වනදා රාත්‍රී අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා වීරකැටිය, බැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුහු ඥාතී සහෝදරයින් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වූ තොරතුරු අනුව ඝාතනයට උපයෝගී කරගත්තේ යැයි සැකකරන පිහියක් සහ යකඩ පොල්ලක් පොලිස් නිලධාරීහු සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් පලායාමට උපයෝගී කරගත් ත්‍රී රෝද රථයද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

වීරකැටිය බැඳිගම තිරාවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී 31 වනදා දහවල් තිදරු පියෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබූ අතර එදිනම රාත්‍රී අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් බවයි වාර්තාවන්නේ.

දෙපිරිස අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි සැකකරන බව පොලිසිය පවසනවා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here