පරිගණක ආශ්‍රිතව මේ දිනවල පැතිර යන වෛරසයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
“රම්බා” නමින් හඳුන්වන මෙම වෛරසය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ සිදුකෙරෙන බාගත කිරීම් හරහා පරිගණක වෙත ඇතුළු වන බව එම සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ලසඳහන් කර සිටියා.
වින්ඩෝස් 7, 8.1 සහ 10 වැනි මෙහෙයුම් පද්ධතිවලට මෙමඟින් බාධා එල්ල වන බවයි ඔහු සඳහන් කර සිටින්නේ.
එමෙන්ම විද්‍යුත් තැපෑල හරහාද “රම්බා” වෛරසය ඇතුළු විය හැකි බවත්, එවැනි සිදුවීමක් සිදුවුවහොත් හැකි ඉක්මනින් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ 0112-691692 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් ඒ ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියා.
මේ හේතුවෙන් පරිගණකයේ ගබඩා කර ඇති අත්‍යවශ්‍ය දත්ත පරිගණකයෙන් බැහැරව ගබඩා කර තබා ගන්නැයිද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීනව තැබීමෙන් මෙම වෛරසයේ බලපෑම එල්ල නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්