Home Local මහාධිකරණ ඇප කොන්දේසි කඩ කළ විත්තිකරුවන් පස්දෙනෙකු රිමාන්ඩ්

මහාධිකරණ ඇප කොන්දේසි කඩ කළ විත්තිකරුවන් පස්දෙනෙකු රිමාන්ඩ්

546
0

මහාධිකරණයෙන් නියම කරන ලද ඇප කොන්දේසි උල්ලංඝණය කරන ලද විත්තිකරුවන් පස් දෙනෙකු මේ මස 25 වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා නියෝග කර තිබෙනවා.

ගාල්ල පොලිස් වසමේදි 2005 නොවැම්බර් 28 වනදින අයුතු ජන රාශියක සාමාජිකයින් වී සිටිමින් යතුරු පැදි 02කටද අලාබහානිකොට පුද්ගලයෙකුට පහරදි ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් 13කුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ 2017 ජනවාරි 26 වනදින අධි චෝදනා බාරදි තිබෙනවා.

අධි චෝදනා භාරදිමෙන් පසු එක් විත්තිකරුවෙකු රුපියල් 7500ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 02 බැගින්වු ශරිර ඇප 02ක් මත මුදා හැර විත්තිකරුවන් සෑම මසකම පළමුවන සහ තුන්වන ඉරුදින ගාල්ල පොලිසියට වාර්තා කරන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

එහෙත් නඩුවේ විත්තිකරුවන් පස් දෙනෙකු සෑම මසකම පළමුවන සහ තුන්වන ඉරුදින ගාල්ල මූලස්ථාන පොලිසියට වාර්තාකල නොකර එම ඇප කොන්දේසිය උල්ලංඝණය කරනු ඇති.

ඉකුත් 31වනදින නඩුව කැඳවු අවස්ථාවේ ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ උපදෙස් පරිදි අධිකරණයේ පෙනි සිටි සැරයන් උපාලි (12953) අධිකරණයට දන්වා සිටියේ මෙම විත්තිකරුවන් පස් දෙනා ඇප කොන්දේසි උල්ලංඝණය කර ඇති බවයි.

ඒ අනුව 25 වන දින දක්වා නඩුව කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් පස් දෙනා මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියෝග කොට තිබෙනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here