Home Local මහනුවර තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

මහනුවර තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

280
0

මහනුවර, කොළඹ වීථීයේ තෙමහල් ගොඩනැගිල්ලක ඊයේ ( 01) රාත්‍රීයේ හදිසියේ හට ගත් ගින්නක් හේතුවෙන් එම ගොඩනැගිල්ලට සහ එහි පහත මාලයේ තිබූ වෙළඳ භාණ්ඩවට විශාල වශයෙන් හානි සිදුව තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ හටගත් මෙම ගින්න පාලනය කිරීම සදහා මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවීමේ රථ රැසක් යොදාගෙන ඇත අතර දැඩි වෙහෙසක් දරා එම ගොඩනැගිල්ල තුල සිර වි සිටි සේවකයින් මුදා ගැනීමට කටයුතු කර තිබෙනවා.

පසුගියදා මහනුවර යටිනුවර වීදියේ ගින්නක් ඇති වූ සිව් මහල් ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ සිට අඩි 100ක් පමණ දුරින් මෙම ගිනිගත් ගොඩනැගිල්ල පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here