Home Local ඩුබායි ගෙනයාමට තැත්කළ වල්ලාපට්ට තොගයක් අත්අඩංගුවට

ඩුබායි ගෙනයාමට තැත්කළ වල්ලාපට්ට තොගයක් අත්අඩංගුවට

427
0

වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (01) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ මගී පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් රේගු භාරයට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ මොහු 21 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවයි.

සැකකරු ඊයේ දින රාත්‍රී 9.10ට ජෙට් එයාවේස් ගුවන් සේවයේ 9W0251 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි හරහා ඩුබායි වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු වල රුපියල් ලක්ෂ 12ක් වටිනා මෙම වල්ලපට්ටා කිලෝ ග්රැම් 27 ක ප්‍රමාණය සගවා ගෙන තිබී ඇතැයි සඳහන්.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වන ජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මේවා මෙසේ විදේශයන් වෙත රැගෙන යෑම නීතිවිරෝධී ක්‍රියාවක් වනවා.

ඩුබායි හි මෙම වල්ලපට්ටා සදහා හොඳ වෙළෙඳ පොළක් පවතින අතර එයට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දුනීසියාව වැනි රටවලින් ද වල්ලපට්ටා රැගෙන විත්, එහි සුවද විළවුන් නිෂ්පාදන කර්මාන්තශාලා වෙත ඉතා ඉහළ මිල ගනන් වලට අලෙවි කරන බවයි ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීවරයෙකු සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙනු ඇති.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here