Home Hit ”ශ්‍රීලනිපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල” – දුමින්දගේ යෝජනාවට අනුමැතිය

”ශ්‍රීලනිපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල” – දුමින්දගේ යෝජනාවට අනුමැතිය

628
0

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්වීමේදි ඔහු මෙම අදහස් පළ කර සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ,

”අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ආසන සංවිධායකුතමන්ලා කොට්ඨාස මන්ත්‍රීතුමන්ලා අපේක්ෂකතුමන්ලා හා ආසන බල මණ්ඩල සියල්ලම පක්ෂය විසින් ඉදිරිපත් කළ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට පොරොන්දු වෙනවා. ඒ වගේම මෙතැනට පැමිණිලා තිබෙන සියලු දිස්ත්‍රික් සංවිධාන වලින් ඉල්ලීමක් කරන්න කැමතියි අපි ජනාධිපති මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ගැන කථා බහ කරනවා. දැන් බොහෝ විට තදින් කථා කරන මැතිවරණයක් තමයි ජනාධිපතිවරණය. ඒ නිසා අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් බල මණ්ඩලය විදිහට අපි විශේෂ යෝජනාවක් ගේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා විදිහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කරන්න.”

අනතුරුව හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සිදුකළ යෝජනාව තමන් ස්ථිර කරන බව සඳහන් කර සිටියා.

අනතුරුව එහි පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලු අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩල නියෝජිතයින් හා දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයින් අත ඔසවා එම යෝජනාවට සිය අනුමැතිය ලබාදෙන බව ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here