Home Local වියළි කාලගුණයෙන් අමු තේ දළු ඵලදාවේ අඩුවක්

වියළි කාලගුණයෙන් අමු තේ දළු ඵලදාවේ අඩුවක්

461
0

මධ්‍යම කඳුකරයට මාස කීපයක් තිස්සේ පවතින දැඩි වියලි කාලගුණය නිසා අමු තේ දළු ඵලදාව අඩු වීමෙන් වතු කම්කරු ප්‍රජාව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

වතු කම්කරුවෙක් දිනක වැටුපට අමු තේ දළු කිලෝ 18ක් නෙළිය යුතු අතර පවතින දැඩි වියලි කාලගුණය තේ වගාවට බලපා ඇති නිසා දිනකට කිලෝ 18ක් නෙලීම පහසු නොවන බවයි වතු කම්කරු ප්‍රජාව පවසන්නේ.

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් මාසයකට වැඩිකාලයක් තිස්සේ අසාර්ථක වර්ජනයක නිරත වූ නිසා තමන්ට දැඩි ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණපාන්නට සිදු වූ බව පවසන මෙම වතු කම්කරුවෝ පවතින දැඩි නියඟයත් සමග තමන්කබලෙන් ළිපට වැටී ඇති බව කියා සිටිනවා.

මධ්‍යම කඳුකරයේ පිහිටි ඇතැම් තේ වතු පාලනාධිකාරී මගින් නිසි ලෙස නඩත්තුනොකිරීම නිසා ඒවා කැලෑ වැදී ඇති බවයි එම වතු කම්කරුවෝ පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වයත් සමග දැඩි ආර්ථික ගැටලු රැසකට මුහුණ පා සිටින වතු කම්කරු ප්‍රජාවට රජයෙන් සහනයක් ලබා දෙන ලෙස ඔවුහු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.

ක්‍රිෂාණ්තන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here