Home Hit නිදහස් දින උත්සවයට ෆොන්සේකා නෑ

නිදහස් දින උත්සවයට ෆොන්සේකා නෑ

292
0

ජාතික නිදහස් දින උත්සවයට හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහභාගි නොවන බව වාර්තා වනවා.

නිදහස් දින උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා කරමින් ෆොන්සේකා මහතාට ආරාධනා පත්‍රයක් ඊයේ වනතුරුද ලැබී නැති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාගේ තනතුරට අදාළ නිසි ගෞරවාචාර නොලැබෙන්නේ නම් නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවයි.

ෆීල්ඞ් මාර්ෂල් නිලය දරන්නකුට ඊට අවශ්‍ය ගෞරවාචාර දැක්වීමට සියලු දෙනා බැඳී සිටින බව කී ඔහු සඳහන් කළේ ලොව පුරාම ක්‍රියාත්මක වන්නේ ඒ තත්ත්වය බවයි.

නිදහස් දින උත්සවයේ පෙරහුරුවක් කොළඹ ගාලුමුවදොර පිටියේදී ඊයේ (31) පෙරවරුවේ පැවැත්වුණු අතර නිදහස් උත්සවයේදී පිළිගැනීමට ලක්වන ප්‍රමුඛතා ධුරාවලිය එහිදී ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවේදී සරත් ෆොන්සේකාගේ නම සඳහන් නොවුණු බවයි එම පෙරහුරුවට සහභාගිවූ පිරිසක් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් අප අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරිගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ ඒ පිළිබඳව දැන්ම තමාට යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here