නාවලපිටිය මුලික රෝහලේ රජයේ ඖෂධවේදින් වෘත්තිය සමිති ක්‍රියාමර්ගයකට එළඹීම හේතුවෙන් එම රෝහලේ ඖෂධාගාරයෙන් ඖෂධ ලබා ගැනිමට පැමිණි රෝගින් රැසක් දැඩි අසිරුතාවයට පත්ව තිබෙනවා.
රජයේ ඖෂධවේදින්ගේ සංගමයේ වෘත්තිය සමිති ක්‍රියාමර්ගයක් හේතුවෙන් නාවලපිටිය මුලික රෝහලේ ඖෂධාගාරය වසා දමා එහි සේවකයන් අද (01) දින සංකේත වැඩ වර්ජනයක නියැලි සිටිනවා.
එම රෝහලේ ඖෂධාගාරය වසා දැමිම හේතුවෙන් බාහිර රෝගි අංශයෙන් සහ සායන කටයුතු වලට පැමිණෙන රෝගින්ට වෛද්‍යවරුන් විසින් අනුමත කරන ඖෂධ ලබා ගැනිමට නොහැකි වි තිබෙනවා.
රජයේ ඖෂධවේදින් වැඩවර්ජනය සිදුකිරිම සම්බන්ධයෙන් රජයේ ඖෂධවේදින්ගේ සංගමයේ සභාපති ප්‍රියංකර පෙරේරා අප කල විමසුකට ඔහු කියා සිටියේ නිසි අවශ්‍යතාවයක් නොමැතිව ඖෂධවේදින් බදවා ගැනිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරින් සමග පැවති සාකච්ඡා අසාර්ථකවිම නිසා දිවයින පුරා රජයේ රෝහල් වල ඖෂධවේදින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමර්ගයකට එළඹී බවයි.
අද පස්වරුවේ මෙම ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙන බවත් ප්‍රියංකර පෙරේරා සඳහන් කර සිටියා.
මේ සම්බන්ධයෙන් නාවලපිටිය මුලික රෝහලේ උසස් වෛද්‍යවරයෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ඖෂධාගාරයේ සේවකයින්ගේ වෘත්තිය සමිති ක්‍රියාමර්ගය හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ට ඖෂධ ලබා දිමට කිසිදු බාධාවක් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය මගින් සිදු නොවන බවයි.


රංජිත් රාජපක්ෂ