Home Environment කාසල්රි ජලාශයේ ජල මට්ට්ම පහළට

කාසල්රි ජලාශයේ ජල මට්ට්ම පහළට

730

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ට්ම පිටාර මට්ටමේ සිට අඩි 22 දක්වා පහල බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කර සිටිනවා.

ජාතික විදුලි බල පද්ධතියට ජල විදුලි උත්පාදනය සදහා විමලසුරෙන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවලට ජලය ලබා ගන්නා කාසල්රි ජලාශයේ ජල මට්ට්ම පහල වැටිම නිසා ජලාශයේ දුපත් ගණනාවකම ජලයෙන් යට වි තිබු දුපතේ කොටස් මතු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

කාසල්රි ජලාශයේ ජල මට්ට්ම පහල බැසිමත් සමග ජලාශය අවට රක්ෂිත වලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීම හේතුවෙන් ජලාශය අවට දැඩි පරිසර විනාශයක්ද සිදු වි තිබෙනවා.

කාසල්රි, මවුස්සාකැල, කොත්මලේ සහ ඉහල කොත්මලේ ජලශවල ජල මට්ටම පහල බැසිම නිසා එම ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය මේ මස තුල ක්‍රියාත්මක කිරිමට ලංකා විදුලි බල මණ්ඩය සැලසුම් කර ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here