ඔස්ට්‍රේලියාවට බලපා ඇති වාර්තාගත උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව දිවා කාලයේ දී නිවෙස්වලට වී සිටින ලෙසත් විජලනයෙන් වැළකීමට පියවර ගන්නා ලෙසත් එරට සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
අධික උණුසුම දරා ගැනීමට නොහැකි වන සතුන් මෙන්ම මත්ස්‍ය සම්පත ද විශාල ලෙස විනාශ වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
දැනට පවතින උෂ්ණත්වය 2013 දී වාර්තාගත උෂ්ණත්වය ඉක්මවා ගොස් ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.