ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හමුවක් පවත්වා ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ මේ වන විට ගැටලු කිහිපයක්ම ඇතිව තිබෙන අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරිමට අමාත්‍යවරයා මෙසේ ඔස්ට්‍රේලියාවට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ක්‍රිකට් කණ්ඩායම හමුවිමෙන් අනතුරුව ඔවුන්ට විශ්වාසය ලබාදුන් බවත් කණ්ඩායමට අවශ්‍ය සහාය ලබාදෙන බව තමන් සඳහන් කළ බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.
එසේම තමන් ඔස්ට්‍රේලියාවට ගියේ තම පෞද්ගලික මුදිලින් බවත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ලබානොගත් බවත් ඔහු සඳහන් කර සිටිනවා.
මේ අතර කැන්බරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය නැරඹීම සඳහාත් ක්‍රීඩා අමාත්‍යවරයා එක්ව සිටියා.