කේරළ ගංජා කිලෝග්රැම් 68ක් සමඟ සැකකරුවෙකු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ නාවික හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ප්රවාහනය සඳහා සුදානම් කොට තිබු කේරළ ගංජා තොගය පේදුරුතුඩුව, කුරුම්බසෙට්ටි ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු ඉන්දියාවේ සිට ගෙනෙන ලද ගංජා ජාවාරම්කරුවෙකුගෙන් ලබාගෙන බෙදාහැරීම සදහා සුදානම් කොට තිබු බවද පොලිසිය සඳහන් කර සිටියා.
පොලිසිය පැවසුවේ අදාළ ගෙවත්තේ හිමිකරු එලෙස අත්අඩංගුවට ගත් අතර, සැකකරු යාපනය පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
මාධව කුලසූරිය