Home Local අධික වේගය නිසා සිදු වූ අනතුරෙන් අයෙක් රෝහලට

අධික වේගය නිසා සිදු වූ අනතුරෙන් අයෙක් රෝහලට

224
0

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ නාවලපිටිය සිට ගම්පොළ දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ගැටි සිදු වු අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරා බරපතල මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

ඊයේ (28) පස්වරු 2.30ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය, වරකාව දුම්රිය හරස් ගේට්ටුව අසලදියි.

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි නාවලපිටිය පොලිසියේ රථ වාහන අංශයයේ නිලධාරින් පැවසුවේ.

අනතුරෙන් බස් රථයට අලාභ හානි සිදු වි ඇති අතර ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here