Home Hit 2019ට ‘සේනා’ ගෙන් දින දර්ශනයක්

2019ට ‘සේනා’ ගෙන් දින දර්ශනයක්

660

සේනා දළඹුවාගේ රුව සහිතව 2019 වසර සඳහා දින දර්ශන (කැලැන්ඩර්) මුද්‍රණය කොට ගොවීන් අතර බෙදා දීමේ වැඩසටහනක් මේ දිනවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සේනා දළඹුවාගෙන් වගාවන්වලට සිදුවන හානිය දළඹුවාගේ ජීවන චක්‍රය ආදී කරුණු 2019 වසරේ ගොවීන්ට ලබාදෙන මෙම කැලැන්ඩරයේ මුද්‍රණය කොට ඇති බවයි වාර්තා වන්නේ.

සේනා දළඹු වසංගතය මර්දනය කිරීම සඳහා හඳුන්වා දී ඇති කෙටි දුරකථන අංක මෙන්ම ගොවීන්ට උපදෙස් රැසක්ද මෙම දර්ශනයේ සඳහන් කර තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කොට ඇති මෙම නව දින දර්ශනය මේ දිනවල දිවයින පුරා ගොවීන් අතර බෙදා දීම සිදුකෙරෙනවා.

එමෙන්ම සේනා දළඹුවා පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන්, කෘෂිකර්ම උසස් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන් හරහා ගොවීන් දැනුවත් කිරීමද සිදුකෙරෙන බවයි කෘෂිකර්ම නිලධාරීන් සඳහන් කර සිටින්නේ.

කේ.කේ. ආරියදාස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here