Home Entertainment හෙළ සිනමාවේ තුන්කල් කථාවකින් HELAWOOD POPCORN බ්ලොග් අඩවිය එළිදැක්වෙයි..! (VIDEO)

හෙළ සිනමාවේ තුන්කල් කථාවකින් HELAWOOD POPCORN බ්ලොග් අඩවිය එළිදැක්වෙයි..! (VIDEO)

638
0

දේශීය සිනමාවේ තුන්කාලය පිළිබඳ කියැවුණු HELAWOOD POPCORN – අපේ සිනමා කථාව’ නමින් යුතු අපූර්ව කථාබහක් සමගින් මෙරට සිනමාව වෙනුවෙන් යුගයේ අවශ්‍යතාවක් ඉටුකරනු ලබන HELAWOOD POPCORN නම් බ්ලොග් අඩවිය දියත් කිරීම ඉකුත් ජනවාරි 23 වැනිදා චිත‍්‍රපට සංස්ථා ‘තරංගනී’ ශාලාවේදී සිදුකෙරිණි. අදාළ සිනමාත්මක කථාබහ සංවිධානය කිරීම සහ HELAWOOD POPCORN බ්ලොග් අඩවිය සම්පාදනය කිරීම, දේශීය සිනමාව කෙරෙහි PEO TV සේවාවට ඇති ඇල්ම නැවත වරක් ප‍්‍රදර්ශනය කිරීමක් විය.

චිත‍්‍රපට නිෂ්පාදකයන්, අධ්‍යක්‍ෂවරුන්, නළු නිළියන්, අනෙකුත් සිනමා ශිල්පීන්, විචාරකයන් සහ රසිකයන් යන මෙරට සිනමා ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ සහ එයට ඇළුම් කරන සියලූදෙනා එකම සභාවක මුණගැසුණු මොහොතක් බවට පත්වූ HELAWOOD POPCORN – අපේ සිනමා කථාව’ ට පැමිණි පිරිස පිළිගනිමින් PEO TV ප‍්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනවිරත්න මහතා සභාව අමතන ලදි.

පිළිගැනීමේ කථාවෙන් පසුව HELAWOOD POPCORN බ්ලොග් අඩවිය දියත් කිරීම පැමිණ සිටි ආරාධිතයන්ගේ එකතුවෙන් සිදු කෙරිණි.

ඉන් අනතුරුව චිත‍්‍රපට විචාරක අජිත් ගලප්පත්ති විසින් ‘සිනමාවේ නොලියවුණු කථා’ නමින් කළ දෙසුමට දේශීය සිනමාවේ අප‍්‍රකට රස මුසු තැන් මෙන්ම සිනමාවේ ප‍්‍රගමනය වෙනුවෙන් ප‍්‍රකට විය යුතු කරුණුද රැසක් ඇතුළත් විය.
සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, රොශාන් පිළපිටිය, නෙරංජනී ශම්මුගරාජා යන නළු නිළියන් එක පෙළට අසුන් ගනිමින් ‘සිනමාවේ යුග හැදුණු හැටි සහ යුග නැතිවුණු හැටි’ නමින් මෙහිදී සිදුකළ සමූහ කථාබහ මෙරට සිනමාවේ මෙතෙක් ගමන්මග පිළිබඳ නිදහස් සහ විවෘත අදහස් දැක්වීමක් බවට පත්වුණි.

සිනමාව පිළිබඳ වූ මෙම කථා බහ අවසානයේ PEO TV විසින් තවත් යුතුකමක් ඉටුකරමින් දයා විමලවීර, වින්සන් කරූ සහ ලතාවල්පොල යන ශිල්පීන් වෙත ඔවුන් මෙරට සිනමාව වෙනුවෙන් රංගනයෙන් හා හඬින් ලබාදුන් දායකත්වය ඇගයීමට ලක්කළ මොහොත ‘HELAWOOD POPCORN- අපේ සිනමා කථාව’හි සංවේදී මොහොතක් බවට පත්විය.

මෙරට සිනමාවට හිතැති සහ එහි ප‍්‍රායෝගික අත්දැකීම් සහිත සියල්ලන්ටම එහි ප‍්‍රගමනය වෙනුවෙන් අදහස්වලින් සහ සිය අත්දැකීම් ප‍්‍රකාශනයෙන් දායකවීමට හැකිවන සේ HELAWOOD POPCORN නමින් බ්ලොග් අඩවියක් හඳුන්වාදීමට PEO TV විසින් කළ මෙහෙවර මෙහි පැමිණි සියල්ලන් විසින් අගය කරනු ලැබිණි.

එදා මෙදා තුරු මෙරට නිපදවූ චිත‍්‍රපටි රාශියක එකතුවක් සහිත, මෙරට සිනමාවට ඉතා සමීපව කටයුතු කරනු ලබන සේවාවක් ලෙසින් සිනමා ක්‍ෂේත‍්‍රයේ පිරිස් වෙතින්ම ඉදිරිපත්වූ අදහසක් ක‍්‍රියාවට නංවමින් HELAWOOD POPCORN බ්ලොග් අඩවිය බිහිකිරීමට PEO TV කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here