Home Hit ‘ශ‍්‍රී ලංකන්’ ප‍්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ජනපතිට

‘ශ‍්‍රී ලංකන්’ ප‍්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ජනපතිට

244
0

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි ප‍්‍රතිසංවිධානයට අවශ්‍ය යෝජනා සහ අදහස් ඇතුළත් කමිටු වර්තාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත අද (28) භාර දීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අදාළ කමිටුව පත්කරනු ලැබුවේ පසුගිය 17 වැනිදායි.

රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුව සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විතයි.

එම ගුවන් සේවයේ පවතින අලාභය අවම කර ඉදිරියේදී එය ලාභදායී තත්ත්වයකට පත් කිරීමට මෙම කමිටුවේ නිර්දේශ තුළින් බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here