Home Local රණවිරු පවුල් සඳහා වන විශ්‍රාම වැටුප දිගටම – ජනපති

රණවිරු පවුල් සඳහා වන විශ්‍රාම වැටුප දිගටම – ජනපති

633

ආබාධිත සහ මියගිය ති‍්‍රවිධ හමුදා රණවිරුවන් සඳහා මෙතෙක් වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් හා අනෙකුත් දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ඔවුන්ගේ යැපෙන්නන් වෙත ලබාදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.

මෙම සහනය තමන්ට ලබාදෙන ලෙස දීර්ඝ කාලයක සිට ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් රජයෙන් ඉල්ලීම් කර තිබෙනවා.

ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා යුද මෙහෙයුම්වලදී හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතුවෙන් මෙන්ම වෙනත් නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු නිසා මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සහ යැපෙන්නන් සඳහා ජීවිතාන්තය දක්වා වැටුප් ගෙවන ලෙසයි අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත්තේ.

ජනාධිපතිවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ ජාතික සංසදය සහ රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ති‍්‍රක් හා ජාතික නියෝජිතයන් සමඟ පසුගිය 26 වනදා පැවති සාකච්ඡවකදීයි.

ඒ අනුව ඉදිරි මාස 02ක කාලය තුළ මේ සඳහා අවශ්‍ය පියවර ගනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here