ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සිය නිල ට්විටර් ගිණුමේ පළකර තිබූ ව්‍යාපාර සන්නාම ප්‍රවර්ධන පණිවිඩයකට එරෙහිව එම සමාජජාලය භාවිත කරන ක්‍රිකට් රසිකයින් බොහොමයකගේ දැඩි දෝෂදර්ශණයට ලක්ව තිබෙනවා.
ශරීර අභ්‍යන්තර ආරක්ෂක උපාංග නිපදවන සමාගමක සන්නාමය ප්‍රවර්ධනය කිරීම සදහායි ඔහු මෙම ට්විටර් පණිවිඩය නිකුත් කර ඇත්තේ.
එම ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම නිල ට්විටර් ගිණුම් කළමණාකරණය කරනු ලබන මහේෂ් මධුසංක,
” ඉනර් ගාඩ්ස් දාගෙන ඒක ඒවපු උන්ගේ ට්වීට දදා උන්ව ප්‍රෝමෝට් කරන එක නෙමේ.. දිනපං එක මැච් එකක් හරි..
අරකයි මේකයි ඉන්ස්ටයි ප්රෝමොට් කරන්න නෙමේ ගහපන් ලකුනු 100ක් 200ක්…
රටක් විදිහට කියම්න තියෙන්නෙ ක්‍රිකට් විතරයි ඕයි අපිට” යනුවෙන් ප්‍රකාශ කර සටහන් කර තිබෙනවා.

සිවිල් ඉංජිනේරුවරයෙකු වන M හසිත විසින් “මචං, උඹල උඹලගෙ රස්සාව හරියට කරන්නෙ නෑ කියල මම මුකුත් කියන්න කැමති නෑ. හැබැයි උඹලගෙ ජෝගි නිසා රෙදි ඇඳං මට ඔපිස්එකේ වැඩ කරන්න බෑ. බංගලිංගෙයි අල්ලපු රටේ උංගෙයි බයිට් එක වෙලා ඉන්නෙ මම. පුලුවන් නං මටත් ක්‍රිකට් බෝඩ් එකේ රස්සාවක් සෙට් කරපං. තෙරුවන් සරණයි” යනුවෙන් කුසල්ගේ ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

පසුගිය සමය පුරාම ජාතික ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීමේ ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් ඔවුන්ට එරෙහිව සමාජජාල තුල දැඩි පිළිවෙතක් අනුගමනය කරනු දැකගත හැකිවුණා.