Home Hit බ්‍රසීලයේ මඩ සුනාමියෙන් 300ක පමණ පිරිසක් පණ පිටින් වැළලෙයි – PHOTOS

බ්‍රසීලයේ මඩ සුනාමියෙන් 300ක පමණ පිරිසක් පණ පිටින් වැළලෙයි – PHOTOS

443
0

බ‍්‍රසීලයේ යපස් පතලක වේල්ලක් බිඳීයාම හේතුවෙන් අතුරුදන් වූ 300කට ආසන්න පිරිසක් සොයමින් සහන කණ්ඩායම් දිගටම මෙහෙයුම් වල නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිණිකොණ දිග බ‍්‍රසීලයේ සිදුවූ මෙම ඛේදවාචකය නිසා 34 දෙනෙකු මියගොස් ඇති අතර අතුරුදන්වූ පිරිස ජීවතුන් අතර සිටියදී සොයාගැනීමට තිබෙන අවස්ථාව ඉතාමත් අල්ප බවයි වාර්තා වන්නේ.

යපස් නිධියක වේල්ලක් කඩාගෙන යාම නිසා ගලා ආ දැවැන්ත මඩ ප‍්‍රවාහයක ගිලී මෙම පිරිස අතුරුදන්ව ඇතැයි සඳහන්.

මෙම පතල පිහිටා ඇත්තේ බ‍්‍රසීලයේ මිනාස් ජේරියස් ප‍්‍රාන්තයේ බෙලෝ හොරිසොන්තේ නුවරට ආසන්නයෙන් වන අතර ජීවතුන් අතර සිටින අය ඇත්නම් ඔවුන් සොයාගැනීම සඳහා හෙලිකොප්ටර් යානා සහ සහන සේවකන් කටයුතු කරනු ලබනවා.

‘වේල්’ නම් වූ පතලේ සේවයේ නියුතුව සිටි අඩුම වශයෙන් 300 ක් හෝ ඊට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බව සහන කණ්ඩායම් පවසනවා.

බ‍්‍රසීලයේ දැවැන්තම පතල් සමාගමක් වන ‘වේල්’ සමාගමේ පතලක් 2015 දීත් කඩා වැටුණු අතර මෙම පළාතේම තිබූ එම පතලේ වේල්ලක් බිඳී යාම හේතුවෙන් 19 දෙනෙක් මියගියා.

වසර 04 කට පෙර සිදුවූ එම ඛේදවාචකය බ‍්‍රසීලයේ සිදුවූ විශාලතම පරිසර විපත්තිය ලෙස ද සැලකෙනවා.

Related image
Related image
Image result for brazil dam
Image result for brazil dam
Related image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here