ප්රකාශයක් ලබාදීම සඳහා ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන, හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා කුමන්ත්රණය කළැයි කියන සිද්ධිය සම්බන්යෙන් මෙලෙස ප්රකාශ ලබාදීමට නියමිතයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා පසුගිය 23 වනදා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
එම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ, ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ ශෂි වීරවංශගෙන් ප්රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.
ඒ අනුවයි මෙම ප්රකාශ සටහන් කරගැනීම අරඹා ඇත්තේ.