Home Hit නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමෙන් අලූත් මතයක් VIDEO

නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමෙන් අලූත් මතයක් VIDEO

549
0

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොට්ඨාස අපේක්ෂක, අපේක්ෂිකාවන්ට තිබූ ගැටලූ වර්තමාන ලේකම් දයාසිරි ජයසේකර මහතා සමග කළ සාකච්ජාවෙන් අනතුරුව විසඳා ගැනීමට හැකි වූ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරණ කොට්ඨාස අපේක්ෂිකා නිමන්ති පීරිස් මහත්මිය පවසනවා.

ඇය පසුගියදා කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස සහ කැස්බෑව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රජිත කොඩිතුවක්කු මහතා සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායම පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවලට සහභාගි වූ තැනැත්තියක් ද වනවා.

අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සමග ශක්තිමත්ව කටයුතු කිරීම සිය අරමුණ බවත්, එකිනෙකාට අවශ්‍ය පරිදි තම දේශපාලන මතය වෙනස් කිරීමට කටයුතු නොකරන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here