චීන – ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු සේද මාවත වැඩසටහනේ හොඳම ක්‍රියාකාරී සාමාජිකයින්ට හිමි තානාපාතිවරුන්ගේ සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඔහු ඇතුළුව පාකිස්තානය, මාලදිවයින, මෝල්ටාව, බොස්නියාව සහ හර්සගොවෙනියා තානාපතිවරුන් ද ‘එක් මාවතක් එක් තීරයක්’ වෙනුවෙන් මෙම සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
චීන – පකිස්ථාන ආර්ථික සහයෝගීතා කොරිඩෝව (CPEC) මෙහි ප්රමුඛ ව්‍යාපෘතිය ලෙස සැලකෙනවා.
එය ප්‍රවාහන ක්ෂේත්රයේ සිට කාර්මික කලාප දක්වා වූ පුළුල් ප්‍රදේශයක් දක්වා පැතිර පවතිනවා.
මෙම සම්මාන ප්රදානෝත්සවය සේද නගර සන්ධානය ඇතුළු චීනයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව සංවිධානය කර තිබෙනවා.